Monday, May 20, 2024

General line - 0115112241

බංගලියන්ගේ ඉලක්කය හඹා ගිය කැංගරුවන්ට වාසනාව හරස් වෙයි




ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ "A" කාණ්ඩය යටතේ ඊයේ (05) පැවැති බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අවාසනාවන්ත ලෙස අතහැර දැමුනා.

ඒ තරගයට වර්ෂාව ඇද හැලීම හේතුවෙන්.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 03 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු ‍182 ක් ලබා ගත්තා.

එම ජයග්‍රාහි ඉලක්කය හඹා යමින් සිටි ඔස්ට්‍රේලියානු පිළ පන්දු වාර 16 ක් හමුවේ එක් කඩුල්ලක් දැවී ලකුණු 83 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා වුණා.  තරගය අතහැර දැමීම හේතුවෙන් දෙපිළටම එක් ප‍්‍රසාද ලකුණ බැගින් හිමි වුණා. 

තරගය පැවැත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදීයි. 

ඔස්ට්‍රේලියාව, නවසීලන්තය අතර පැවැත් වූ පළමු තරගයද මීට පෙර අතහැර දැමුනා. ඒත් වර්ෂාව හේතුවෙන්.

මේ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශූරයන්ගේ කුසලානයේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකේදීම තියුණු තරගයක් දීමේ අවස්තාව අහිමි වී ගියා.