Monday, May 20, 2024

General line - 0115112241

"උපුල් තරංගට ICC ය පැනවූ තරග තහනමට වගකිව යුත්තේ ග‍්‍රැහැම් ෆෝඞ්"




ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ උපුල් තරංගට තරග දෙකක තහනමක් පැනවීම සම්බන්ධයෙන් කි‍්‍රකට් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් වගකිවයුතු බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

ඉකුත්දා දකුණු අපි‍්‍රකාව සමග පැවති තරගයේදි පන්දු යැවීම සඳහා ශී‍්‍ර ලංකා පිල වැඩි කාලයක් ලබාගෙන තිබුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ උපුල් තරංගට තරග දෙකක තහනමක් සහ සෙසු කී‍්‍රඩකයන්ට තරග මුදලින් සියයට 60 ක දඩයක් නියම කිරීමට අයි සී සී ය පියවර ගත්තා.

පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් එම අවස්ථාවේ කි‍්‍රයාකළ ආකාරය පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් තිලංග සුමතිපාල කියාසිටියේ. 

ශී‍්‍ර ලංකාව සහභාගි වන මීළග තරග දෙක පැවැත්වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය සමගයි.

ඊට උපුල් තරංගගේ දායකත්වය නොලැබීම ශී‍්‍ර ලංකා කණ්ඩායමට දැඩි පාඩුවක් බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල පෙන්වා දෙන්නේ.