Tuesday, May 7, 2024

General line - 0115112241

මුහදේ පාවුණ තවත් කුඩු තොගයක් මාට්ටු




කන්කසන්තුරයට නාවික සැතපුම් 10 ක් උතුරින්වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරන ලද මුර සංචාරයකදී අතහැර දමා‍ගොස් තිබූ බෑගයක් උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 41 යාත්‍රවේ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (09) සොයාගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂා කිරීමේදී එම බෑගය තුල ඇසුරුම් කරන ලද පැකට් 05 ක හෙරොයින් කිලෝ ග්‍රෑම් 5ග5 ක ප්‍රමාණයක් තිබී සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. 

එම හෙරොයින් ප්‍රමාණය නාවිකයින් විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.