Sunday, November 24, 2024

General line - 0115112241

පස්සර – බිබිල මාර්ගය දින 7කට පසු යළි විවෘත වෙයි




මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වසා දැමුණු පස්සර – බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශය රථ වාහන ධාවනය සඳහා අද (24) යළි විවෘත කර තිබෙනවා.

මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පස්සර – බිබිල මාර්ගය දින හතක් පුරා වසා දමා තිබූනා 

එම මාර්ගය දහවල් කාලයේ රථවාහන ධාවනය සඳහා විවෘත කළද දිනපතා එය පස්වරු 6 සිට උදෑසන 6.30 තෙක් වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය සඳහන් කර සිටියේ