Friday, September 20, 2024

General line - 0115112241

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකු හෝමාගම දී අත්අඩංගුවට




හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෝමාගම දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි. 

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සොයා ගැණුනා. 

ඔවුන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයකට ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. 

සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.