Saturday, December 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්සගේ අවධානය




ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් වන කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුව තිබෙනවා. 

ඒ, ශ්‍රී ලංකා විද්්‍යුත් විකාශකයින්ගේ සංසදය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පැවති සාකච්ඡාවකදී අනාවරණ වූ කරුණු අනුවයි. 

ශ්‍රී ලංකා විද්්‍යුත් විකාශකයින්ගේ සංසදයේ යෝජනාවක් අනුව මෙරෙට මාධ්‍යවේදීන්ට වෘත්තීයමය සුදුසුකමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීමට පසුගිය පාලන සමයේ කටයුතු ආරම්භ කෙරුණා. 

එම කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා විද්යුත්  විකාශකයින්ගේ සංසදයේ නියෝජිතයින් මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා. 

මාධ්‍ය කර්මාන්තයේ පවතින ගැටලු එහිදී සාකච්ඡාවට ලක්ව ඇති තවත් කරුණක්. 

මෙරට රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා සඳහා නවීන ඩිජිටල් තාක්‍ෂණය හඳුන්වාදීම සඳහා දැනට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.