Saturday, May 4, 2024

General line - 0115112241

පිහි ඇණුමකින් කාන්තාවක් මරුට




මොරගහහේන - විජිතපුර - කුඹුකවත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් පිහි ඇනුමකට ලක්ව මිය ගොස් තිබෙනවා. 

පොලිසිය පැවසුවේ පිහි ප‍්‍රහාරයට ලක් වූ කාන්තාව හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි. 
මෙලෙස මිය ගොස් ඇත්තේ පනස් පස් හැවිරිදි කාන්තාවක්. 

පිහි ඇනුම සිදු කළ පුද්ගලයා ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. 

ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි මොරගහහේන පොලිසිය පැවසුවේ.