Monday, May 6, 2024

General line - 0115112241

" උතුරේ ආණ්ඩුකාරවරයා හරි "- බැසිල් 




උතුරු පළාතේ සහ උතුරු මැද පළාතේ මහ ඇමතිවරුන්ට ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවල දී එම පලාත් දෙකේ ආණ්ඩුකාරවරුන් ක‍්‍රියා කර ඇත්තේ වෙනස් ආකාර දෙකකට බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. 

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනූව පළාත් නවයටම එකම නීතියත් ක‍්‍රියාත්මක විය යුතු බවයි හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

එහෙත් ආණ්ඩුකාරවරුන් දෙදෙනා දෙආකාරයකට කටයුතු කිරීමෙන් කවුරුන් හෝ වරදක් සිදු කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නා. 

ඒකාබද්ධ විපක්ෂය මීට කෙටි කලකට පෙර උතුරුමැද ප‍්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව බහුතර මන්ත‍්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතුව පළාත් ආණ්ඩුකාරවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කළා. 

මෙම අවස්ථා දෙකේ දී ආණ්ඩුකාරවරුන් ක‍්‍රියාකළ ආකාරය අනූව උතුරේ ආණ්ඩුකාරවරයා ගත් ක‍්‍රියාමාර්ගය නිවැරදි බවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.