Friday, September 20, 2024

General line - 0115112241

TNA වෙන් වෙයි වගේ




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය දෙකඩවීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානය සමග සිිටින ප්ලොට්, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ්.  යන පක්‍ෂ හා සංවිධාන දැනටමත් පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන්ට සහාය පළ කර ඇති බවයි.

එහෙත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන්, සී වී විග්නේෂ්වරන්ගේ කි‍්‍රයාකලාපය විවේචනය කර තිබෙනවා. ඉලංගෙයි තමිල් අරුසු පක්‍ෂය තනි මතයක් දරමින් පවසන්නේ සී වී විග්නේෂ්වරන් ප‍්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.

ප‍්‍රධාන අමාත්‍යවරයාට සහාය පළ කරන පක්‍ෂ හා කණ්ඩායම්වල සාමාජිකයන්ගේ රැස්වීමක් ඊයේ දිනයේද පැවැත්වුණා. ඒ, ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදීයි.

ටෙලෝ පක්‍ෂයේ නායක සෙල්වම අඩෙක්කලනාදන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් සහ ඊ.පි.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වී තිබෙනවා. සාකච්ඡාවෙන් පසු පක්‍ෂ නායකයන් පැවසුවේ ඉලංගෙයි තමිල් අරුසු පක්‍ෂය කුමන මතයක් දැරුවද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් තමන් සියලූ දෙනා පෙනී සිටින බවයි.