Sunday, May 12, 2024

General line - 0115112241

STF සෙබළුන්ට නිසි සැලකිල්ලකින් 'ප‍්‍රතිකාර නොකළ වෛද්‍යවරුන්'  අත්අඩංගුවට ගන්නැයි  ඉල්ලීමක් 




සරසවි සිසු උද්ඝෝෂණයක් විසුරුවා හැරීමේ දී පහරදීම්වලට ලක්ව තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ට නිසි සැලකිල්ලකින් ප‍්‍රතිකාර නොකළ වෛද්‍යවරුන් වහාම අත්අඩංගුවට ගන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය සංවිධායක පෙරියසාමි ප‍්‍රදීපන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 

ඔහු මෙම ඉල්ලීම කළේ හැටන් හි පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා කාර්යාලයේ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. 

ප‍්‍රශ්නගත සිද්ධියේ දී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. 

වෛද්‍යවරුන් නිසි සැලකිල්ලකින් ප‍්‍රතිකාර නොකළ බව පවසමින් ඔවුන් පසුව පොලිස් රෝහලට ඇතුළත් කෙරුණා.