Sunday, September 22, 2024

General line - 0115112241

රිය අනතුරකින් පාපැදිකරුවෙකු මරුට




කොඩිකාමම් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අනතුර සිදුව ඇත්තේ වව්නියාවේ සිට යාපනය දෙසට ධාවනය වු කැබ් රියක අදාළ පාපැදිය ගැටීමෙන්. 

මිය ගිය පුද්ගලයා 58 හැවිරිදි කොඩිකාමම් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොඩිකාමම් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.