Sunday, September 22, 2024

General line - 0115112241

රට වටේ මුහුද තිබ්බත් ඉන්දියාවෙන්ම ලුණු කන ' අපේ 'හම්බන්තොට ලුණු කැටේ කතන්දරේ  (රටට ලුණු දෙන හැටි ලේවායේ සිට )




ලංකාවේ  ඡනගහනය කෝටි දෙකකට ආසන්නයි.

ඔවුන්ගේ ලුණු පාරිභෝඡන අවශ්‍යයතාවය ටොන් 120 000ක් පමණ වනවා.

පුත්තලමේද ලුණු නිශ්පාදනය කෙරෙන අතර 1938 ලුණු නිශ්පාදනය ආරම්භ කළ අලිමංකඩ ලුණු ලේවායේ කටයුතු ත්‍රස්ත්‍රවාදීහේතුන් මත 1990දී නතර වුණා.

එහෙත් ලංකාවෙ ලුණු අවශ්‍යයතාවයෙන් 60%කට වඩා සැපිරෙනුයේ හම්බන්තොට මහා ලේවායෙනි.


 

1938න් පසු හම්බන්තොට මහා ලේවාය පාලනය වන්නේ දෙපාර්තමේන්තු වශයෙන් වන අතර ඊට දශක දෙකකට පමණ පසුව එනම් 1957 දී මෙය සංස්ථාවක් බවට පත් වුණා.

1997දී හම්බන්තොට දිස්ත්‍රිකයේ මහා ලේවාය,බූන්දල හා පලටුපාන ලේවායන්ගේ එකතුවෙන් ලංකා ලුණු සමාගම නමින්  සේවක භාරකාර අරමුදල මගින් මිලට  ගත් අතර එම කොටස් වලින් 10%ක් සේවකයින්ට හිමියි.

ලුණු නිශ්පාදන ක්‍රියාවලිය අක්‍රමවත්විම හා   ආයතනය  තුළ මුල්‍ය හා පරිපාලන විනයක් නොමැති විම නිසා 2015ට පෙර ලූණු සමාගම අයාලේ ගිය තත්වයක් තිබු බව ලංකා ලුණු සමාගමේ වත්මන් සභාපති අයුබි ඛාන් පෙන්වා දෙනවා.


"කෝටි 33කට අධික ණයක් තිබුණා.ඒ  වගේම නිශ්පාදන වියදම පිළිබදවත් අවධානය යොමු නොකර ලූණු වෙළදාම් කර තිබුණා.එම නිසා ලාභයක් නොලැඛෙන තත්වයකයි තිබුණෙ.අලූතෙන් ලූණු නිශ්පාදනයට අවශ්‍යය කිසිවක් කර තිබුණේ නැ.

පසුගිය අවුරුදූ දෙක තුළ අපි කෝටි තිස්තුන හමාරක ණය ගෙවා දැමුවා.අපේ ස්ථාවර තැන්පතු මිලියන පන්සියක් තිබුණා.2016 වසරෙ පමණක් අපි බදූ වශයෙන් රඡයට මිලියන හාරදහස් හයසිය පනහක් ගෙවා තිඛෙනවා.


ලංකා ලූණු සමාගම මේ තත්ත්වයට  පත්විම පිටුපස ඇත්තේ කැප කිරිම හා නාස්තිය හා දූශණය වළක්වා ගැනීම පිළිබඳ ආදර්ශයක් " යනුවෙන් ලංකා ලූණු සමාගමෙ උප සභාපති මෙන්ම විධායක අධ්‍යක්ෂ කිර්ති මුණසිංහ සඳහන් කර සිටිනවා.


"ලුණු අක්කරයක අස්වැන්න ලබා ගැනීමට ලුණු අක්කර දහයක වපසරියක වතුර ධාරිතාවයක් තියෙන්න ඕනෑ .ලුණු නිශ්පාදනය වැඩි කිරිමට අපි කළේ සමාගම සතු කැලෑ එළිකොට වාෂ්පීකරණ  තටාක සැදීමයි.පලටුපාන,කොහොලංකල සහ බුන්දල ලුණු ලේවායන් අලූතෙන් නිශ්පාදනයට සරිලන සේ සංවර්ධනය කර තිබෙනවා.2018 වන විට 60%ක් වුු නිශ්පාදන ප්‍රමාණය 80%දක්වා වැඩි කිරිමට බලාපොරොත්තු වනවා."කිර්ති   මුණසිංහ පෙන්වා දෙනවා.

"2020 වන විට ලුණු ආනයනය නොකරන රටක්  බවට පත් කිරිම අපේ ඉලක්කයයි.අපේ රටට වැඩියෙන් ලුණු ගෙන්වන්නේ ඉන්දියාවෙන්.1%ක් වත් වැලි නොමැති ලුණු තමයි අපි වැඩියෙන්  ආනයනය කරන්නේ.ඉදිරියේදී මේස ලුණු නිශ්පාදනයටත් අප යොමු වෙනවා." යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර සිටියා.


පරිභෝඡනයට ගන්නා ලුණුවලට අමතරව අතුරු නිෂ්පාදන ගණනාවක්ද තිබෙනවා.

කරවල කර්මාන්තයට හා හම් පදනම් කිරිමෙ කර්මාන්ත වලටද අවශ්‍යය ලුණු සැපයෙන්නේ හම්බන්තොට මහා ලේවායෙන් බව අපට අමතක කළ නොහැකියි.


රාහුල්  සමන්ත හෙට්ටිආරච්චි