Sunday, September 22, 2024

General line - 0115112241

සීගිරියෙන් පහළට වැටී අයෙක් මරුට (PHOTOS)




යාපනය කයිටිස් දුපතේ වෙල්ලනෙහි පදිංචි පුද්ගලයකු අද (02) හවස 3.00 පමණ සීගිරිය නැරඹා ආපසු එමින් සිටියදි සීගිරිය ගල පාමුල මැද මිදුල ප්‍රදේශයේදි පය පැටලී වැටි මියගොස් ඇත. 

මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය කයිටිස් දුපතේ වෙල්ලනෙහි පදිංචි සිව් දරැවන් සිවි දෙනකුගේ පියෙකු වන  බාලසුබ්‍රමනියම් මදිවවෙල්ලෙයි නම් පුද්ගලයෙකි.  

තම දරැවාගේ පාසලේ දරැවන් සමග සිගිරිය නැරඹීමට පැමිණ ඇති අතර  සිගිරය නැග ආපසු  පැමිනෙමින් සිටිය දී මේසේ පය පැටලි වැටී තිබෙනවා. 

බිම වැටුන පුද්ගලයා සීගිරිය ආරක්ෂක අංශ විදින් ඥාතින් සමග සිගිරිය ග්‍රාමිය රොහලට ගෙන විත් ඇති අතර රොගියා පරික්ෂා කිරිමෙන් පසු දමුල්ලට එවා ඇති  ඒ එන විටත් රෝගියා මිය ගොස් සිටි බව දඹුල්ල රොහල් ආරංචි මාර්ග පවසයි.

මෘතශරිරය දඹුල්ල රොහලේ තැන්පත් කර ඇති අතර පස්චාත් මරණපරික්ෂණය දඹුල්ල රොහලේදි පැවැත් වීමට නියමිතයි. 

සිද්දිය පිලිබඳව දඹුල්ල රොහල් පොලිසියේ දැනුම් දිම මත සීගිරිය පොලසිය මගින් වැඩිදුරු පරික්ෂණ සිදුකරයි.