Friday, May 10, 2024

General line - 0115112241

මේ දිනවල ජනප්‍රිය "ශ්‍රී ලංකා පිලේ ෆිට්නස්" ගැන මහේල ජයවර්ධන උදාහරණ ගෙන පැහැදිළි කරයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින් අතින් උඩපන්දු ගිලිහී යාම සහ ක‍්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව සම්බන්ධයෙන් හිටපු නායක මහේල ජයවර්ධන අදහස් පළ කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ උඩපන්දු ගිලිහී යන්නේ ක‍්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාවයේ ගැටළුවක් නිසා නොවන බවයි. 

ඊට හේතුව වන්නේ උඩපන්දු රැක ගැනීමේ තාක්ෂණයේ දෝෂ බවද මහේල පවසනවා.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින්. ඊට උදාහරණයක් ලෙස 2007 ලෝක කුසලානයේ දී ඉන්දියාවේ රොබින් උත්තපා දවා ගැනීම සඳහා බර්මියුඩා ක‍්‍රීඩක ඩ්වේන් ලෙව්රොක් රැකගත් විශිෂ්ට උඩපන්දුවේ ඡායාරූපයක් ද එක්කර තිබෙනවා.  

කිලෝග‍්‍රෑම් 127ක් බරැති මෙම ක‍්‍රීඩකයා රැකගත් මෙම උඩපන්දුව ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ඡායාරූප 32 අතරට ද ඇතුළත්. 

මහේල ජයවර්ධන පෙන්වා දෙන්නේ පාසල් මට්ටමේ සහ ක‍්‍රීඩා සමාජ මට්ටමේ සිට ක‍්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීමට වැඩපිළිවෙලක් තිබිය යුතු බවයි. එහෙත් එවැන්නක් සිදු නොවන බවද ඔහු පවසනවා. මෙය ක‍්‍රියාවලියේ දෝෂයක් බවයි මහේල ජයවර්ධන පෙන්වා දෙන්නේ.  

සිම්බාබ්වේ සමග ඊයේ පැවති තරගයට පෙර එක්දින තරග 04ක දී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් උඩපන්දු 07ක් අතහැර තිබෙනවා. ඒ හේතුවෙන් ප‍්‍රතිවාදීන් රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 313 ක්. ඊයේ තරගයේ දී ශී‍්‍ර ලංකා ක‍්‍රීඩකයින් අතින් උඩපන්දු දෙකක් ගිලිහී ගියා.