Sunday, September 22, 2024

General line - 0115112241

මහේෂ් සේනානායක නව හමුදාපති ධූරයේ වැඩ භාර ගත් අවස්ථාවේ දර්ශන




අභිනව යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක අද (05) දිනයේදී යුද්ධ හමුදා මූලස්ථානයේ දී වැඩ භාර ගත්තා.

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ජූනි මස 27 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස පත් කිරීමට කටයුතු කළා.

ඒ අනුව  ඊයේ  (04) උදෑසන පැවති අභිමානවත් නිල උත්සවයේ දී 21 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කළ ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සුභ පැතුම් මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීමද සිදු කෙරුණා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)