Sunday, September 22, 2024

General line - 0115112241

ත්‍රීරෝද රියදුරන්ට 35 සීමාවට නීති සැකසේ




වයස අවුරුදු 35ට අඩු පුද්ගලයින්ට ත‍්‍රීරෝද රථ මගී ප‍්‍රවාහන බලපත‍්‍ර ලබාදීම අත්හිටුවීමේ නීති මේ වනවිට සකස් කරමින් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. තරුණ පිරිස් වැඩි වශයෙන් ත‍්‍රීරෝද රථ කර්මාන්තයට එක්වීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ.  

"මගී ප්‍රවාහනයට වැඩි වශයෙන්ම යොදා ගන්න වාහනය තමයි ත්‍රීරෝද රථ. ලක්ෂ 8ට වැඩිය ත්‍රිරෝද රථ තියෙනව. මේ වනවිට මගීන්ගේ සහ රියැදුරන්ගේ ආරක්ෂාව ගැන සලකල නව නීති ගේන්න වෙනව. මේ දිනවල ඒ කටයුතු කෙරෙනව" යැයි ඔහු පවසනවා.


ත‍්‍රීරෝද රථ සංගම් ද සිය කර්මාන්තය නියාමනය සඳහා නීති සකස් කරන ලෙස මීට පෙර අවස්ථා කිහිපයක දී ඉල්ලීම් කර තිබුණා.