Sunday, May 19, 2024

General line - 0115112241

ගීතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට මැදිහත්වීමට හිටපු ඇමති පියසේනට අවසර




සිය මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ගොණු කළ පෙත්සමක මැදිහත්කරුවෙකු වීමට හිටපු අමාත්‍ය පියසේන ගමගේට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබාදුන්නා. 

ඒ, අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. 

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ද්විත්ව පුරවැසි භාවය ලබාඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදු බවට අභියාචනාධිකරණය පසුගියදා රීට් ආඥාවක් නිකුත් කළා. 

එම නියෝගය අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොණුකර තිබුණා. 

ඒ අනුව අදාළ පෙත්සම සැප්තැම්බර් 25 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී විවාදයට ගැනීමට නියමිතයි.