Sunday, May 19, 2024

General line - 0115112241

ඇමතිවරුන්ට වාහන මිළදී ගැනීමේ පරිපූරකය ගැන මල්වතු අනුනාහිමි කණස්සල්ලෙන්




විසදිය යුතු ජනතා ගැටළු රැසක් පැවතියදී මැතිඇමතිවරුන්ගේ වාහන සහ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම කණගාටුවට කරුණක් බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා. 

මැතිඇමතිවරුන්ට වාහන මිළදී ගැනීම සහ නිවාස අලුත්වැඩියාව ඇතුළු කරුණු ගණනාවක් යටතේ අද තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියාසිටියා. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ අනුනාහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියාසිටියා.