Sunday, September 22, 2024

General line - 0115112241

පොලිසියේ ‍14000ක් එකතුව වරෙන්තුකරුවන් 770ක් අල්ලයි




දිවයිනම ආවරණය වන පරිදි අද (12) අලූයම සිදු කෙරුණු අපරාධ නිවාරණ පොලිස් මෙහෙයුමේදී වරෙන්තුකරුවන් හත්සිය හැත්තෑ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් දාහතර දහසක් එක්ව සිටි බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් එකසිය දසදෙනෙකු සහ හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයින් අසූපස් දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා ළග තබාගත් පුද්ගලයින් 264 දෙනෙකු සහ නීතිවිරෝධීව ගිනිඅවි ළග තබාගත් පුද්ගලයන් තිදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

මෙම මෙහෙයුමේදී බීමත්ව රිය පැදවූ රියදුරන් 368 දෙනෙකුට නඩු පවරා තිබෙනවා. අවිධිමත් ලෙස කසල බැහැර කළ පුද්ගලයන් රැුසක්ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගැණුනු බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.