Sunday, September 22, 2024

General line - 0115112241

ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස් වෙයි




දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ පළමුව 2023 වර්ෂයේදී වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමන්ව පත් කිරීම සම්බන්ධයෙන් තමන්ට ස්තූතිය පළ කරන බවත් එම ධූරයේ කටයුතු කරමින් සිටින අතරතුරදී 2024 වර්ෂයේදී දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමන්ව පත් කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාට ස්තූතිය පළ කර තිබෙනවා.

එම පළාත් දෙක තුළදී තමන්ට හැකි උපරිම ආකාරයෙන් සේවාව ලබාදුන් බවයි ජනාධිපතිවරයා වෙත යොමුකල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජනාධිපතිවරණයේදී මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව තරගයට ඉදිරිපත් වූ වෙනත් අපේක්ෂකයෙකු ජනාධිපති පදවියට සුදුසුකම් ලැබීම හේතුවෙන් අද දිනයේ සිට තමන් දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන බවයි දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ.