Monday, April 29, 2024

General line - 0115112241

උතුරු නැගෙනහිර හදන්න යන ගෙවල් 65000ට එරෙහිව උතුරෙන්ම අධිකරණයට පෙත්සමක්!




අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන්ගේ මැදිහත් වීම යටතේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල  පෙර සවි ක්‍රමයට ඉදිකිරීමට යන නිවාස 65,000 ඉදිකිරීම නවතාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (13) ගොණු කළා.

මෙම නිවාස වානේ යොදා පෙර සවි ක්‍රමයට ඉතා අධික මුදලකට දේශගුණික කාරණා නොසලකා ඉදිකිරීමට ප්‍රංශ ඉදිකිරීම් සමාගමකට ලබා දීමට පුනුරුත්ථාපනය සහ හින්දු කටයුතු අමාත්‍යවරයා කටයුතු කර ඇති බව එම පෙත්සමෙන් පවසා සිටිනවා.