Saturday, July 27, 2024

General line - 0115112241

"එක එක්කෙනාගේ උවමනා මත කටයුතු කරන්න පොලිස්පති බැඳිලා නැහැ"




පොලිස් නිළධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නිදහස ලබා දී ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර පවසනවා.

හලාවත ආරච්චිකට්ටුව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ "එක එක්කෙනාගේ අවශ්‍යතා මත කටයුතු කරන්න පොලිස්පතිවරයා බැඳී නැහැ. උසස්වීම්, ස්ථානාධිපතිවරු පත්කිරීම්, මාරු කිරීම්වලට දැන් එක එක්කෙනාට ඕන විදිහට ඇඟිලි ගැසීමේ කළාව නවත්වලා තියෙන්නේ. අපි බොහොම විනිවිදභාවයෙන් තමයි කටයුතු කරන්නේ. දෙපාර්තමේන්තු රාමුව තුළ සිරකර ගැනීමක් දැන් පොලිසියට සිද්ධ වෙන්නේ නැහැ." යනුවෙනි.