Thursday, May 2, 2024

General line - 0115112241

තරුණ දිරියෙන් පන්සලට අධ්‍යාපන ගොඩනැගිල්ලක්(PHOTOS)




ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 'ගමට කෝටියක්' වැඩසටහනේ දෙවන අදියරෙහි තවත් ව්‍යාපෘතියක් කැස්බෑව ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා. 

ඒ ,බෝකුන්දර ශ්‍රී ධම්ම සමාධි විහාරස්ථානයට තෙමහල්  අධ්‍යාපන ගොඩනැගිල්ලක් ඉදිකරදීම සඳහායි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ  ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ කළ අතර ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 69,12,000.00ක්.

ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවෙන් බෝකුන්දර ග්‍රාමසේවා වසමේ සමාධි යෞවන සමාජයේ තරුණ තරුණියන්ට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ලබාදෙනවා. 

ඉතිරි මුදල සමාධි යෞවන සමාජයේ තරුණ තරුණියන් විසින් සොයා ගැනීමට නියමිතයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ධම්ම සමාධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද කොරතොට ධම්මදස්සී හිමියන් ප්‍රමුඛ ස්වාමීන්වහන්සේලා සහ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.