සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයින් සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත් වුණා.
එහිදී ඉදිරි දේශපාලන තත්ත්වයන් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් මහ මැතිවරණයේදී පරාජයට පත් වීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයෙන් පිටතට පැමිණි අපේක්ෂකයන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
මේ අතර එම සාකච්ඡාවට එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා තමන් ද පක්ෂ නායකයා ඇතුළු කණ්ඩායමෙන් ඉල්ලීමක් කළ බවයි.