Monday, September 23, 2024

General line - 0115112241

උඩුවේ හිමියන්ගේ නඩුව සමථයට පත්කර ගැනීමට සූදානම්




පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර අවට පදිංචිකරුවන්ට පීඩාවක් වන ආකාරයට භාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව සමථයට පත්කර ගැනීමට සූදානම් බව පැමිණිලිකාර පාර්ශවය අධිකරණයට දැනුම් දුන්නා. 

ඒ, එම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ ඉදිරියේ අද (18) විභාගයට ගත් අවස්ථාවේදීයි. 

මෙම නඩුවට එරෙහිව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් ගොණුකර තිබූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය මීට පෙර නියෝග කළා. 

ඒ අනුව නඩුව සමථ කර ගැනීම පිළිබද විමසීම අගෝස්තු 22 වනදා දක්වා කල් තැබීමටයි නියෝග කෙරුණේ. 

විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර අධික හඬ ක්‍රියාත්මක කිරීම නිසා අසල්වැසියන් පීඩාවට පත්වන බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලින්ද මොරගොඩ සහ පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම නඩුව ගොණුකර තිබුණා.