Monday, September 23, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20දා! ප්‍රවේශ පත්‍ර පාසල් වෙත යැවේ




5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් කර යැවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර පවසනවා. පසුගිය 14දා එම ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කළ බවයි ඔහු පැවසුවේ. 

එම ප්‍රවේශ පත්‍රවල කිසියම් සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය නම්, අදාළ විදුහලේ විදුහල්පති මඟින් ලබන අගෝස්තු 01 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු කර අදාළ සංශෝධන සිදුකර ගත යුතු බවද කොමසාරිස්වරයා පවසනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු 20 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 කදී පැවැත්වෙනවා. විභාගය සඳහා අයදුම්කරුවන් 356728ක් පෙනී සිටීමට නියමිතය.