Monday, September 23, 2024

General line - 0115112241

කුකුළු ගොවිපළක් නිසා ප්‍රදේශවාසීන්ට අත් වූ ඉරණම (PHOTOS)




මාතලේ - ආටීස්මලේ ප්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ගොවිපළක් හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 150ක් පමණ පීඩාවට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

කළක් තිස්සේ පවත්වාගෙන යනු ලබන මෙම කුකුළු ගොවිපළ හේතුවෙන් දහවල් කාලයේ නිවෙස් වලින් ඉවත්ව ඥාතීන්ගේ නිවෙස් වල සිට නැවත රාත්‍රි කාලයේ තම නිවෙස් වලට පැමිණීමට සිදුව ඇති බවයි ඔවුන් කියා සිටියේ.

නිතර පවතින මැසි උවදුර මෙන්ම අධික දුර්ගන්ධය මෙයට හේතු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ආටීස්මල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කියා සිටියේ තම නිවසේ දරුවන් මැසි උවදුර හේතුවෙන් නිතර රෝගාතුර වන බවයි.