Monday, September 23, 2024

General line - 0115112241

කෝකිලායි පාසලක පිපිරීමක්! සිසුන් 08ක් රෝහලේ




මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර දී අසල තිබූ කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන්  8 දෙනකු අද (18) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසල එකතු කොට ගිනි තබා ඇති අතර එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට කම්පන තත්වයක් ඇතිවී තිබෙනවා. මුලතිව් පොලීසිය පවසන්නේ පිපීරීමෙන් කිසිවකුට හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැති බවයි. කිසියම් පුරණ ද්‍රව්‍යයක් තිබී කසල ගොඩ පුපුරා යන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.