Sunday, January 5, 2025

General line - 0115112241

වෛද්‍ය සංගමය ඇරඹේ - රාජිතත් ඇවිත්.. එත් සයිටම් විරුද්ධයිලු




ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය නමින් නව සංවිධානයක් පිහිටුවා ගැනීම අද (19) සිදු වනවා.

එහි මහා සභා රැස්වීම අද දහවල් කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ වී ඇත්තේ ද සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්නගේ  සහභාගීත්වය ඇතිවයි.

මීට ඉහත දී බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමින් ක්‍රියාත්මක වූ සංගමය ‘ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය‘ නමින් වෙනස් කොට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව එම සංගමයේ ලේකම්වරයා පසුගියදා කියා සිටියා.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පසෙකලා වෙනත් න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන හෙයින් නව සංගමයට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බවයි ඔහු පෙන්වා දී තිබුණේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව අද (19) පිහිටුවා ගන්නා ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ බව වාර්තා වනවා.