Monday, January 6, 2025

General line - 0115112241

කොටස් වෙළඳපොලේ දැවැන්ත වර්ධනයක්




මෙම වර්ෂයේ පළමු කාර්තුව අවසානයේ කොළඹ කොටස් වෙළද පොළේ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරනවා. කොළඹ කොටස් වෙළද පොළ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව මෙම වසරේ එය දෙගුණයක පමණ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව ශුද්ධ විදේශීය මුදල් ගලා ඒම රුපියල් මිලියන 383.5කින් ඉහළ ගොස් ඇති අතර එය රුපියල් බිලියන 23 ක් ලෙස මෙම වසරේ සටහන් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.