වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල නොමිලේ රජයට ලබාදීම බොහෝ දෙනෙකුට ගැටලූවක් වි ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයද ඉදිරියේදී තවදුරටත් දියුණු කිරීමට කටයුතු කරන බවයි.
"සයිටම් ආයතනයේ ප්‍රමිතිය, වෛද්‍ය ප්‍රමිතිය ඇතිකරනව, කලමනාකරණය පුළුල් කරනව. වසර දෙකක පාස් අවුට් ශිෂ්‍යයින්ගේ ප්‍රශ්නයක් තියෙනව. ඒ අයට තව පුහුණුවක් දීල යම් පරීක්ෂණයකට භාජනය කරල ඒ ගොල්ලන්වත් ඒ සුදුසු තත්ත්වයට පත් කරනව. "
රෝහලේ සභාපතිවරයා ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු තවදුරටත් සිටින බවට ඇති ආරංචි සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසුවා.
"ඔය ගොල්ලන්ගෙ ඔළුවෙ අමාරුවද? රජයට පවරාගත්තට ප්සසෙ කොයින්ද නෙවිල් ප්‍රනාන්දු? අගෝස්තු 01දා ඉඳල රජයේ ශික්ෂණ රෝහලක්. එතන පාලක මණ්ඩලය, සභාපති පත්කරන්නෙ මමයි. දැන් බොහෝම අයට දිරවගන්න අමාරුයි නෙවිල් ප්‍රනාන්දු මහත්තය මේක නිකම්ම රජයට දුන්නට."