Sunday, May 5, 2024

General line - 0115112241

සිංගප්පූරු විදේශ ඇමති උතුරේ යයි!




මෙරට සංචාරයකට එක්ව සිටින සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලකි‍්‍රෂ්ණන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ හමු වුණා. ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදියි.

එහිදි උතුරු පළාතේ සංවර්ධනය, දේශපාලන තත්ත්වය හා අවතැන් වූ ජනතාවගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

උතුරේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සිංගප්පූරු රජයේ ආධාර හා උපදෙස් ලබාදිමට එරට විදේශ අමාත්‍යවරයා මෙහිදි එකගතාවද පළ කර තිබෙනවා.