Tuesday, December 17, 2024

General line - 0115112241

මහ නාහිමිවරුන්ගේ ඔවදනට පිටින් ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ දෙන්නේ නැහැ




මහනායක හිමිවරුන්ගේ අනුශාසනා නොතකමින් ගෙන එන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත වීමට ඉඩ නොතබන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කියා සිටියේ අදාළ යෝජනා පරාජය කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සූදානම් බවයි.

නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුත්තේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට මිස විදේශ රටවල උවමනා ඉටු කිරීමට නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අද පැවති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා.