Monday, September 23, 2024

General line - 0115112241

බැලුම්ගල අනාවරණය ගැන අැමති පරීක්ෂණයක් ඉල්ලයි




සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගෙන් බලහත්කාරයෙන් මුදල් එකතු කිරීමක් සිදු කර ඇත්දැයි යන්න පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස සමාජ සවිබලගැන්වීම් සුභ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (20) විකාශය වූ බැලූම්ගල වැඩසටහනින් සිදු කළ අනාවරණයත් සමගයි. 

ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධි දිනය වෙනුවෙන් ප‍්‍රදේශ ගණනාවක සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගෙන් රුපියල් දහස, එක් දහස් පන්සියය වැනි මුදල් ප‍්‍රමාණයන් සමෘද්ධි නිලධාරීන් විසින් නිල බලය යොදාගෙන එකතු කර ඇති බව එම වැඩසටහන මගින් පෙන්වා දුන්නා. 

චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් එවැනි මුදල් එකතු කිරීමක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳ තමන් දැනුවත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ ඒ අනුවයි. 

සම්පූර්ණ බැලුම්ගල වැඩසටහන