Monday, September 23, 2024

General line - 0115112241

රත්මලානේ කොකේන් තොගයට සැක පිට ඇල්ලු හත්දෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ




රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ දී කොකේන් තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අවසර ලබාදී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් ගණන හත් දෙනෙක්. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඊයේ ඔවුන් අත්අඩංගුවට ගැණුනා.

පසුව එම සැකකරුවන් ඉදිරිපත් කෙරුණේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයටයි. 

අදාළ කොකේන් තොගය තිබුණේ කන්ටේනරයක් තුළයි. බ‍්‍රසීලයේ සිට ආනයනය කරන ලද සීනි තොගයක් අතර ඒවා සඟවා තිබුණා. කොකේන් තොගයේ බර කිලෝග‍්‍රෑම් 218කට වැඩියි. එහි වටිනාකම රුපියල් බිලියන 3ක් ඉක්මනවා.