Monday, September 23, 2024

General line - 0115112241

නීති විරෝධීව වාහන එකලස් කරන තැනක් මාට්ටු!




පොතුහැර දම්බොක්ක ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි ලෙස වාහන එකලස් කිරීමේ ස්ථානයක් වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

නීති විරෝධි ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් හා ජීප් රථයක් ද පොලිස් භාරයට ගැණුනා. සැකකරු බෝයගනේ ප‍්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.