Monday, September 23, 2024

General line - 0115112241

අධිවේගයේ බස් බලපත්‍ර දෙන ක්‍රමය වෙනස්වෙයි!




අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා ටෙන්ඩර් ක‍්‍රමවේදය යටතේ මගී ප‍්‍රවාහන බලපත‍්‍ර ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නව බස් රථ 240කට නීත්‍යානුකූල බලපත‍්‍ර ලබාදීමට ගමනාගමන කොමිසම විසින්  මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අධිවේගී මාර්ගයේ දැනට ධාවනය කෙරෙන බස් රථ සියල්ලම ධාවනය වන්නේ නීති විරෝධිව බවයි.

පැවැති ක‍්‍රමවේදය හේතුවෙන් රජයට කෝටි තිහකට ආසන්න ආදයමක් අහිමිවී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  

නව ක‍්‍රමවේදය සඳහා සිය සංගමයේ පූර්ණ සහය ලබාදෙන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියේ.