Monday, January 6, 2025

General line - 0115112241

ජනපතිගේ ක්‍රියාව එක්සත් ජාතීන් අගයයි




අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය බලාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගනු ලැබූ පියවරට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කරනවා. එහි මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් කියා සිටියේ මෙම කාර්යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙනු ඇතැයි ද විශ්වාස කරන බවයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සහය ලබාදෙන බවද ෆර්හාන් හක් මෙහිදී කියා සිටියා. 

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටවනු ලබන්නේ 2016 අංක 16 දරණ පනත යටතේයි. ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අත්සන් තැබුවා.