Saturday, April 27, 2024

General line - 0115112241

පොදුරද මඩුළු යොවුන් ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්!




බහමාස්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිව තිබෙනවා. ඒ, මීටර් සියය නිදහස් ආර පිරිමි පිහිනුම් ඉසව්වෙන්.

කයිල් අබේසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම රිදී පදක්කම දිනා ගත්තා. ඒ, තත්පර 50.93 තරග නිමි කාලයක් වාර්තා කරමින්.

එම ඉසව්වේ රන් පදක්කම ස්කොට්ලන්ත ක්‍රීඩකයෙකු විසින් ද, ලෝකඩ පදක්කම සිංගප්පූරු ක්‍රීඩකයෙකු විසින් ද දිනා ගත්තා.