Monday, September 23, 2024

General line - 0115112241

ගෙවුණු පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය ගාල්ලට




ගෙවුණු පැය 24 තුළ මිලි මීටර් 28.3 ක උපරිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කළුතර ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මද වැසි වාර්තා වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මධ්‍යම පළාතේ ස්ථාන කිහිපයකින් ද සිහින් වැසි වාර්තා වුණා. 

සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.