Tuesday, December 17, 2024

General line - 0115112241

රේගු නිළධාරීන් තිදෙනකුට ස්ථාන මාරු




රත්මලාන ආර්ථීක මධ්‍යස්ථානයේ තිබී කොකේන් කිලෝ 218 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව රේගු නිලධාරීන් තුන් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. 

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ සිය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන අභ්‍යන්තර පරීක්ෂණයක් හේතුවෙන් එම නිළධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි. 

මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු, නියෝජ්‍ය රේගු අධිකාරීවරයෙකු සහ සහකාර රේගු අධිකාරීවරයෙකුටයි.