Monday, September 23, 2024

General line - 0115112241

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධියේ නඩුව කල් යයි




ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ නඩුව නොවැම්බර් මස 10 වැනි දින යළි කැදවීමට අද (21) නියෝග කෙරුණා. 

අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී ගම්පහ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මෙම නියෝගය ලබා දුන්නා. 

සිද්ධියට අදාළව ලබා ගෙන ඇති දුරකථන විශ්ලේෂණ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරන බවත් ඇතැම් ආයතන මගින් මෙතෙක් දුරකතන විශ්ලේෂණය ලබා දී නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි දී අධිකරණයට දැනුම් දුන්නා. 

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳ පහර කෑමකට ලක් වුණේ 2009 වසරේ ජනවාරි මස 23 වැනි දින ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදීයි. 

ඒ සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා සාමාජිකයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා. 

ඔවුන්ට නොවැම්බර් මස 10 වැනි දින යළි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසයි මහේස්ත්‍රාත්වරයා මෙහි දී නියෝග කළේ.