Monday, September 23, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමැති රුවන් ජපානයේ විශාලතම නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක




විශේෂ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී ඇති ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත්, ඉසුමෝසා සසනමි නමැති නෞකා දෙකෙහි නිරීක්ෂණ චාරිකාවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අද (21) සහභාගි වුණා. 

ජපාන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය හිරො යුකී මියසාවා විසින් එහිදී රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන උණුසුම් අයුරින් පිළිගත් බවයි ආරක්ෂක අමාත්‍යංශය  සඳහන් කළේ. 

දෙරටේ ආරක්ෂක සහයෝගීතාවය සහ වෙරළාරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යවරුන් දෙපළ එහිදී සුහද සාකච්ඡාවක නිරත වුණා. 

මෙම නෞකා දෙක අතරින් ඉසුමෝ නෞකාව ජපාන සමුද්‍රීය ස්වයං බලකාය සතු විශාලතම නෞකාවද වනවා.