Monday, September 23, 2024

General line - 0115112241

දේශීය ආදායම් පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් - නීතිපති අධිකරණයට දැනුම් දෙයි




දේශීය ආදායම් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභා විවාදවලදී සංශෝධන ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (21) ශේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. 

ඒ එම පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය ඇතුළු පාර්ශව 10ක් මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා. 

පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය එළැඹෙන සඳුදා ඉදිරිපත් කිරීමට නියමිතයි.