Monday, September 23, 2024

General line - 0115112241

ජුනි මාසයේ උද්ධමනය පහළට




පසු ගිය ජුනි මාසයේ මෙරට උද්ධමනය 6.3% දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේත්තුව පවසනවා. 

පසුගිය මැයි මාසයේ මෙරට උද්ධමනය  7.1% ලෙස පැවතුනා. 

ඒ අනුව මෙම වසරේ මැයි මාසයට සාපේක්ශව ජුනි මාසයේ උද්ධමනය  0.8% පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේත්තුවේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මාසික වෙනස්වීම සැලකූවිට ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉකුත් මැයි මාසයේ වාර්තා කල දර්ශක අංක 121.8 ක අගය ජුනි මාසයේදී දර්ශක අංක 123.4 දක්වා ඉහල ගොස් තිබෙනවා. 

ආහාර ඛාණ්ඩය තුල සහල්, මාළු, අමු මිරිස්, රතු ළුැණු, කරවල, කුකුල් මස් මිල ගණන් සහ ආහාර නොවන ඛාන්ඩයේ ගහ භෘණ්ඩ, රෙදි පිළි, මධ්‍යසාර වැනි භාණ්ඩ මිල ගණන් ඉහල යාම මෙම තත්වයට හේතු වී තිබෙනවා.