Monday, September 23, 2024

General line - 0115112241

සිවාජිලිංගම්ට සී අයි ඩී යෙන් කැඳවීමක්




දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ, මුල්ලිවයික්කාල්හි පැවති සැමරුමේදී සිදුකළ ප්‍රකාශයක් සහ භික්ෂූන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි. 

තමන්ට ඊයේ උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳ දැනුම්දීමක් සිදු කළ බවයි සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ.