Monday, September 23, 2024

General line - 0115112241

ලංකාවට ගෙන්වන සීනි අස්සට 'කොකේන් ඔබන' බ්‍රෝකර්




රත්මලාන ආර්ථීක මධ්‍යස්ථානයේ තිබී කොකේන් කිලෝ 218 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ සීනි තොගය පිටුපස සිටින බ්‍රෝකර්වරයා අත්අඩංගුවට ගැනීමට  කොළඹ මත්ද්‍රවය නාශක අංශය ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා සිටීමට තීරණය කර තිබෙනවා.

මෙම කොකේන් ‍තොගය මෙරටදී බාර ගැනීමට සිටි ජාවාරම්කරුවන්ට මෙරටින් පැන ගැනිමට නොහැකි වන පරිදි සියලු ආරක්ෂක විධි විධාන යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.


මීට ඉහතදි අත්අඩංගුවට ගන්නා ලද සීනි කන්ටේනර් තුළ තිබී හසුවූ කොකේන් තොග එවීම පිටුපස‍ද මෙම බ්‍රෝකර්වරයා සිටින බවට පොලීසිය සැක කරන  අතර  බ්‍රසීලයෙන් සීල් කර ලබා දෙන සීනි තොග සහිත කන්ටේනර්වලට අතර මගදී මෙසේ මත්ද්‍රව්‍ය තොග ඇතුළත් කරනු ලබන්නේ බ්‍රෝකර්වරයාගේ සම්පූර්ණ අනුදැනුම ඇතිව බවයි හෙළි  වී ඇත්තේ.

මෙම සීනි කන්ටේනර් මෙරටදී ඉල්ලුම් කරන ව්‍යාපාරිකයා වෙත ලබාදීමේ අතරමැදියා වන්නේ මෙම බ්‍රෝකර්වරයායි.