Monday, September 23, 2024

General line - 0115112241

රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට




මීගහවත්ත, දරණාගම වංගුව අසලදී අද (22) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

පොලීසිය පැවසුවේ ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. 

තුවාල ලැබූ යතුරුපැදිකරු බියගම ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 36 ක් වූ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා මීගහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.