Monday, September 23, 2024

General line - 0115112241

සීගිරිය කෞතුකාගාරය තුළ සිදු වූ දෙයින් කෞතුක භාණ්ඩ වලට අත් වූ ඉරණම 




සීගිරිය කෞතුකාගාරයේ වායුසමීකරණ පද්ධතිය අක්‍රීයවීම හේතුවෙන් එහි තිබෙන ඇතැම් භාණ්ඩ විනාශවීමේ අවදානමකට ලක්ව ඇති බවට නෙත් නිවුස් වෙත වාර්තා වෙනවා. 

එහි නිලධාරියෙකු සඳහන් කළේ වසර දෙකකට ආසන්න කාලයක සිට එම කෞතුකාගාරයේ වායුසමීකරණ පද්ධතිය අක්‍රීය වී ඇති බවයි.

පුරාවිද්‍යා භාණ්ඩවලට අවශ්‍ය උෂ්ණත්වය ලබාදීමට වායුසමීකරණ ක්‍රීයාත්මක කිරීම වැදගත් වනවා.

එසේ නොකලහොත් ඇතැම් ඉපැරණි භාණ්ඩවලට හානි සිදුවන බවටයි ඔහු කියාසිටියා. 

වායුසමීකරණ පද්ධතිය ක්‍රීයාවිරහිතවීම හේතුවෙන් එහි සේවය කරන කාර්ය මණ්ඩලයද අපහසුතාවට පත්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනගෙන් විමසිමක් කළා. 

ඔහු කියාසිටියේ වායුසමීකරණ පද්ධතිය අක්‍රීයව පවතින බවත් ඉදිරි සතිය ඇතුළත ඊට නිසි විසදුම් ලබාදෙන බවයි.