Monday, September 23, 2024

General line - 0115112241

ජංගම ගණිකා ජාවාරමක මහමොළකරු කොටුවෙයි




කොළඹ සහ අවට ප්‍රදේශවල මහා පරිමාණ ජංගම ගණිකා ජාවාරමක් මෙහෙයවන පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර දීමට නෙත් බැලුම්ගල කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.  

ඒ, වලාන දූෂණ මර්දන ප්‍රහාරක පොලිස් ඒකකය සමග සිදුකළ මෙහෙයුමකදීයි. 

වැලිගම කාසිගේ ෂෙල්ටන් නමැති මෙම සැකකරු  අත්අඩංගුවට ගැණුනේ බම්බලපිටිය ශාන්ත පීතර පාරේදීයි. 

මෙම ජාවාරමේ තැරැව්කරුවෙකු වන මුණසිංහආරච්චිගේ තුසිත නමැත්තා සහ ඊට සහාය දුන් තවත් සැකකරුවෙකුද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගැණුනා. 

ජංගම ගණිකා සේවයේ යෙදවු වයස අවුරුදු 22, 26, 39 සහ 42 ක් වන කාන්තාවන් සිව් දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත් වුණා. 

ඔවුන් අනුරාධපුර හා මහරගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණවී ඇත්තේ. 

සැකකරුවන් අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.